COD: Mobile - Story (හැඳින්වීම)
Call Of Duty: Mobile (කෝල් ඔෆ් ඩියුටි: මොබයිල්) යනු TiMi Studios ආයතනය විසින් නිර්මාණය කරනු ලැබූ Activision ආයතනය විසින් එලිදක්වනු ලැබූ ඕනෑම Android සහ iOS දුරකථනයක නොමිලේ ක්‍රීඩා කල හැකි First Person Shooter (තනි පුද්ගල) වර්ගයට අයත් වන ජංගම දුරකථන ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව එසේත් නැතිනම් ගේම් එක එලිදැක්වෙන්නේ 2019 වර්ෂයේ ඔක්තෝම්බර් 01 වෙනිදායි.
මෙම ගේම් එක එලිදක්වපු පළමු මාසය තුළදී පමණක්, මිලියන 148කට වඩා වැඩි පිරිසක් මෙම ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන තිබූ අතර ඇමරිකානු ඩොලර් මිලියන 54කට ආසන්න වශයෙන් ආදායමක්ද හිමිකරගනු ලැබුවේ ඉතිහාසය තුල එලිදක්වනු ලැබූ විශාලතම ජංගම දුරකථන ක්‍රීඩාව ලෙසිනි.
2020 වර්ෂයේ ජූනි මාසය වෙද්දී මෙම ගේම් එක මිලියන 250කට වඩා අධික පිරිසක් ඩවුන්ලෝඩ් කරගෙන තිබෙන අතරම ඇමරිකානු ඩොලර් මිලියන 327කට ආසන්න මුදල් ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා.
Developer : TiMi Studios Publishers : Activision, Tencent, Garena Series : Call Of Duty Engine : Unity Platforms : Android, iOS Release : October 1, 2019 Genre : First-person shooter Mode : Multiplayer
Development and Release (නිෂ්පාදනය සහ එලිදැක්වීම)
මෙම COD: Mobile ගේම් එක පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් සිදුවුනේ 2019 වර්ෂයේ මාර්තු මාසයේදීයි. ඒ Tencent Games සමාගමේ අනුබද්ධිත සමාගමක් වන TiMi Studios විසින් ප්‍රකාශයට පත්කරන ලදී. එහිදී මෙම ක්‍රීඩාවෙහි ඇති බොහෝමයක් අංග අනාවරණය කරනු ලැබුවා. ඒ වගේම ඔවුන් පැවසූ ආකාරයට කොන්සෝල් මඟින් ක්‍රීඩා කරන රසිකයන්ට හුරුපුරුදු අත්දැකීමක් ලබාදෙන බවටද ඔවුන්ගේ ප්‍රකාශයේ සදහන් වුනා. මෙම ක්‍රීඩාවේ පරමාර්ථය වූයේ Call Of Duty පරිගණක ක්‍රීඩාවල තිබූ ගතිගුණ සහ හුරුපුරුදු අංග ලබාගනිමින් පරිශීලකයින්ට තමන්ගේ ජංගම උපාංග වලින් එම අදාල ගතිපැවතුම් සහිත නව මුහුණුවරකින් එලිදක්වනු ලැබූ ක්‍රීඩාවට ප්‍රවේශ වීමට ඉඩකඩ ලබාදීමයි. මෙම ක්‍රීඩාව තුළ ඔබට සාමාන්‍යය විදිහට ක්‍රීඩා කිරීමට එක් එක් සිතියම් තුල ඇති හැකියාවක් තිබෙනවා මෙන්ම ක්‍රීඩකයන් 100 දෙනෙකුගේ එකතුවෙන් වෙනම සිතියම් ගතකර ඇති Battle Royal ක්‍රීඩාව කිරීමටද හැකියාවක් තිබෙනවා. 2019 වර්ෂයේ ජූලි 18 වෙනිදා කැනඩාව සහ ඕස්ට්‍රේලියාව තුල මොවුන් මෙම ක්‍රීඩාව එලිදැක්වීමට කටයුතු කරනු ලබනවා. මෙම පෙර එලිදැක්වීමට පසුව ලෝකය පුරාවටම බොහෝමයක් රටවල් වලට 2019 වර්ෂයේ ඔක්තෝම්බර් 01 වෙනිදා මෙම ක්‍රීඩාව එලිදක්වනු ලැබුවා.
මෙම නව ජංගම දුරකථන ක්‍රීඩාව තුල පෙර Call of Duty පරිගණක ක්‍රීඩාවල තිබුන චරිත, සිතියම් සහ ගේම්මෝඩ්ස් මෙම COD: Mobile ගේම් එක තුලද ඇතුලත් වනු ලබනවා. ක්‍රීඩකයාගේ කැමැත්ත අනුව තමන්ට කැමති පාලකයක් භාවිතා කරමින් ජංගම උපකරණයක් හා සමඟින් මෙම ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.
2019 නොවැම්බර් මාසය වන විට "Zombies" ගේම් මෝඩ් එක මෙම ගේම් එකට එකතු කරනු ලබනවා. මෙම ගේම් මෝඩ් එක සාම්ප්‍රදායික Call of Duty Zombies "Survival" ක්රියාමට්ටම තුල ගලාගෙන යන මෝඩ් එකක්. මෙහිදී ක්‍රීඩකයාට එකදිගටම අවසානයක් නොමැතිව පැමිණෙන සෝම්බින් සමඟ සටන් කරන්නට සිදුවන අතර හැකිතරම් වේලාවක් ක්‍රීඩාව තුල නොමැරී සිටිය යුතුයි. මෙයට "Raid" මෝඩ් එකද එකතු කරනු ලැබුවා. එහිදී සිදුවන්නේ එම ක්‍රීඩාව තුල සිටින සියළුම සෝම්බීන් පරාජය කිරීමෙන් අනතුරුව පමණක් ඔවුන්ගේ ලොක්කන් දෙදෙනෙකු හා සටන් වැදීමට ද සිදුවීමයි. නමුත්, 2020 මාර්තු 25 වෙනිදා Call of Duty: Mobile ක්‍රීඩාව තුල තිබූ සෝම්බි මෝඩ් එක ඉවත් කිරීමට සිදුවුනේ Activision ආයතනයේ ඇති ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙනි. නමුත් එම පසුව අප්ඩේට් කිරීමක් හරහා නැවත එම මෝඩ් එක ක්‍රීඩකයා වෙත ලබාදීමට හැකියාවක් තිබෙන බව Activision ආයතනය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනු ලැබුවා.
Gameplay (ක්‍රීඩා කරන අයුරු)
මෙහිදී ක්‍රීඩකයාට Ranked මැච් එකක් හෝ රෑන්ක් මැච් එකක් නොවන ක්‍රීඩාවක් සෙල්ලම් කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙම ගේම් එක තුල මුදල් වර්ග දෙකක් අපට දැකගැනීමට ලැබෙනවා. එක් වර්ගයක් වන්නේ "Credits (C). මෙම ක්‍රෙඩිට්ස් ඔබට මෙම ගේම් එක ක්‍රීඩා කරන විට උපයා ගැනීමට හැකියාව ලැබේ. අනෙකුත් මුදල් වර්ගය වන්නේ COD Points (CP). මෙම මුදල් වර්ගය ඔබට ගේම් එක තුලදී යම් යම් ලෙවල් වලදී ඉතා කුඩා පොයින්ට් ප්‍රමාණයක් ලැබුනත් මෙයට සම්පූර්ණයෙන්ම සැබෑ ලෝකයේ භාවිතා වන මුදල් ඔබේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක් භාවිතා කරමින් මිලදී ගත යුතුයි. නමුත් කිසිදු ගෙවීමකින් තොරව ඔබට මෙම COD: Mobile ගේම් එක සම්පූර්ණයෙන්ම ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනවා. CP වලින් පමණක් සමහර චරිත සහ ආයුධ මිළදී ගැනීමට ඇති අතර ඔබට ඒවා සාමාණ්‍යය C පොයින්ට්ස් භාවිතා කරමින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. COD ගේම් එක හරහාම ඔබට අනෙකුත් ක්‍රීඩකයන් සමඟ සම්බන්ධ කරනවාක් සේම (standard matchmaking) ඔබට අවශ්‍යය පරිදි ඔබගේ මිත්රයින් එකතු කරගනිමින් multiplayer සහ Battle Royal කියන මෝඩ් දෙකම Private ලෙස සැකසුම් සකසාගෙන ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙම ගේම් එකට අදාල විශේෂිත සහ කාල සීමාවක් ඇති multiplayer modes ඔබට දවස් ගණනකට, සති ගණනකට හෝ මුලු සීසන් එක පවතින තාක්කල් ද ඔබට දැකගැනීමට සහ අත්විදීමට හැකියාව ලැබෙනවා. මේවාට Prop Hunt, Rapid Fire, Sticks and Stones, 2v2, Capture the Flag, One Shot One Kill, Snipers Only සහ Gun Game යන මෝඩ්ස් අදාල වනවා පමණක් නොව මේ වන විට මෙම මෝඩ්ස් මෙම දුරකථන ක්‍රීඩාව තුල පරිශීලකයාට සෙල්ලම් කිරීම සඳහා ඇතුලත් කරද තිබෙනවා.
Zombies මෝඩ් එක මෙම ක්‍රීඩාව තුලට ඇතුලත් කරනු ලැබුවේ 2019 නොවැම්බර් මාසයේදී නිකුත් කල දෙවෙනි සීසන් එක තුලදීයි. ඒ මඟින් කණ්ඩායමක් අයුරින් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයන්ට වැල නොකැඩී පැමිණෙන සෝම්බින් හට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදුවනු ලබනවා. මෙම සෝම්බි මෝඩ් එකෙදි සිතියම Call of Duty: World at War කියන පරිගණක ක්‍රීඩාවේ Shi No Numa (Swamp of Death) කියන සිතියම අදාල කරගනිමින් නිර්මාණය කරනු ලද්දකි. මෙම සෝම්බි මෝඩ් එක ඔබට දෙවිදිහකට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනවා.
- Endless Survival Mode: මේ මඟින් සාමාන්‍යය පරිදි සෝම්බින් හා සටන් කර ජයග්‍රහණය කිරීමට ක්‍රීඩකයාට හැකියාව ලැබෙනවා.
- Raid Mode: මේ මඟින් යම් කිසි නියමිත සෝම්බි ප්‍රහාර කීපයක්ම ඉතා විශාල පරිදි ක්‍රීඩකයාට මුහුණ දීමට සිදුවන අතර එම ප්‍රහාර සාර්ථකව ජයග්‍රහණයට කරායින් පසුව අවසානයේදී එම ක්‍රීඩා කරන තරඟය ජයග්‍රහණය කිරීම සඳහා අවසානයේදී ක්‍රීඩකයාට මුහුණ දීමට සිදුවන Boss Fight එකකට ද ක්‍රීඩකයාට මුහුණ දීමට සිදුවනවා.
ක්‍රීඩකයාට මෙය සාමාන්‍යය මට්ටමකින් හෝ ඉතා අසීරු මට්ටමකින් ක්‍රීඩා කරනවාද යන්න තෝරාගත හැක. Raid Mode එක තුලදී ඔබ තෝරාගන්නා මට්ටම අනුව සෝම්බින්ගේ පැමිණෙන ප්‍රමාණය වෙනස් වනු ලබනවා. පෙර පැවසූ පරිදිම 2020 මාර්තු මාසයේදී මෙම සෝම්බි මෝඩ් එක ඇක්ටිවිෂන් ආයතනය විසින් ඉවත් කරනු ලබනවා.
Battle Royale
බැටල් රෝයල් කියන තරඟය සිදුවන්නේ මිනිත්තු 20ක් පුරාවට ක්‍රීඩකයන් 100 දෙනෙකුට තනි විශාල සිතියමක් තුල ක්‍රීඩා කිරීමට ඉඩ සැලසීමයි. ක්‍රීඩකයාට තනිවම තරඟයට සහභාගි වීමට හෝ දෙදෙනෙකුගේ කණ්ඩායමක් ලෙස හෝ හතර දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස මෙම තරඟයට සහභාගි වීමට අවස්ථාව සැලසෙනවා. තරඟය ආරම්භයේදී ගුවන් යානයක් මඟින් සියලුම ක්‍රීඩකයන් අදාල සිතියමට ඉහල ගුවනින් රැගෙන යන අතර තරඟය ආරම්භ වූවාට පසුව සෑම ක්‍රීඩකයෙකුටම ගුවන් යානයෙන් ඉහල ආකාසයේදීම පහළට පැනීමට සිදුවනු ලබනවා. මෙම පියාසැරි මාර්ගය සෑම තරඟයකදීම වෙනස් වෙනු ලබනවා. සෑම කණ්ඩායමකට ස්වයංක්‍රීයවම Jump Leader කෙනෙකු ලබා දෙනු ලබනවා. අදාල jump leader විසින් සිතියමේ කොතැනකින් ඔවුන් ගුවන්යානයෙන් එලියට පැනීමට අවශ්‍යයදැයි තීරණය කරනු ලබනවාක් මෙන්ම සිතියමේ කොතැනකට ගොඩබානවාද යන්නත් තීරණය කරනු ලබනවා. ක්‍රීඩාව ආරම්භයේදී සෑම ක්රීඩකයෙකුම සතුව ඇත්තේ පිහියක් පමණි. ක්‍රීඩකයන් ගොඩබසින සිතියමෙහි ගොඩනැගිලි තුල ආයුධ, පතොරම්, ආයුධ වලට අවශ්‍ය කරණ අනෙකුත් උපකරණ සහ ආරක්ෂිත කබා (weapons, ammunition, weapon attachments, protective vests) ක්‍රීඩකයාට සොයාගැනීමට හැකියාව ලැබෙනවා. ක්‍රීඩකයන්ට ඒවා භාවිතා කරමින් අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබෙනවා. Multiplayer මෝඩ් එක තුලදී එකම කණ්ඩායමේ සිටින අයට එකිනෙකා මරාගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ක්‍රීඩකයෙක් මියගිය විට කොල පැහැති කොටසක් යුක්තව විශාල dog tag එකක් එයට ඉහලින් පෙන්වනු ලබනවා. එම මියගිය ක්‍රීඩකයාගේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ට එම dog tag එක එකතු කරගැනීම මගින් එම මියගිය ක්‍රීඩකයාව නැවතත් එම තරඟයට එක්කරගැනීමට හැකියාව ලැබෙනවා. මෙලෙස නැවත එකතු කරගනු ලබන මියගිය ක්‍රීඩකයා නැවත වරක් ගුවන් යානයක් මඟින් සිතියමට එකතු කරගෙන එනු ලබන අතර දෙවෙනි පාර පැමිණෙන මෙම ක්‍රීඩකයා ආයුධ සන්නද්ධවයි මෙවර තරඟයට එකතු වනු ලබන්නේ. එම ක්‍රීඩකයාට නැවත සැරයක් සිතියමට පැමිණ ආයුධ සොයාගැනීමට අවශ්‍යයතාවයක් ඇතිවන්නේ නැහැ. ක්‍රීඩාවෙහි කාලය ගතවන විට කෙමෙන් කෙමෙන් safe zone යනුවෙන් හදුන්වන කොටසක් මඟින් සම්පූර්ණ විශාල සිතියම ඉතා කුඩා කොටසකට ඉතිරිව ඇති ක්‍රීඩකයන් පිරිසව එකතු කරවනු ලබනවා. මෙම safe zone එකෙන් පිටත රැදී සිටින ක්‍රීඩකයන් ස්වයංක්‍රීයවම ඝාතනය වනු ලබනවා. අවසානය තෙක් රැඳී සිටින කණ්ඩායම හෝ ක්‍රීඩකයා මෙම තරඟාවලිය ජයග්‍රාහනය කරනු ලබනවා.
E-Sports (අන්තර්ජාලය තුල පවත්නා තරඟාවලි)
Call of Duty: Mobile World Championship 2020 තරඟාවලිය Activision Blizzard සහ Sony Mobile Communications යන ආයතනයන් එකතුව සංවිධානය කරනු ලබන තරඟාවලියකි. මොවුන්ගේ මෙම සංකලනය නිසාවෙන්ම Esports තුල ඉහළම තලයකට මෙම ක්‍රීඩාව ගෙනගොස් තිබෙනවා. ඩොලර් මිලියනයකට වඩා වැඩි ත්‍යාගයන්ගෙන් සමන්විත වන අතර මුදලින් සහ ක්‍රීඩාවට අදාල වන ආයිත්තම්ද ජයග්‍රාහකයන්ට ලබාදෙනවා. කෙසේ වෙතත් desktop emulators සහ අනෙකුත් කිසිම keyboard සහ පාලකයන් බාහිර උපාංග විදිහට භාවිතය තහනම් කර තිබෙනවා.
Awards (මෙම ක්‍රීඩාවට ලැබුන සම්මාන)
Year | Award | Category | Result |
2019 2019 | Hollywood Music in Media Awards The Game Awards - 2019 | Song/Score - Mobile Video Game Best Mobile Game | Nominated Won |
2020 2020 2020 2020 | 23rd Annual D.I.C.E. Awards Game Developers Choice Awards SXSW Gaming Awards 16th British Academy Games Awards | Portable Game of the Year Best Mobile Game Mobile Game of the Year Mobile Game of the Year | Nominated Nominated Nominated Won |
Oh my goodness! a great write-up dude. Thanks a ton Nevertheless I am experiencing issue with ur rss . Do not know why Can not sign up to it. Is there anyone obtaining identical rss problem? Anybody who knows kindly respond. Thnkx Game Truck Rentals
ReplyDelete